LITTLE TO THE LEFT – NALANDA GEDIGE – Matale

Previous
Next

There is an unidentified statue found in Nalanda Gedige by archaeology department of Sri Lanka and according to the appearance it has no similarity with a human being but it shows more similarities to an extra terrestrial being.”

25 kilometers distance from the Matale Town lays Nalanda Gedige, often referred to as ‘Nalanda’ by the locals. Nalanda, arrived at its present position (reassembled in 1975)  following the flooding of the Bowatenne tank, subject of the Mahaweli Development Programme. One of the earliest buildings of stone ¬ a mythically influenced structure designed like a Hindu temple.

The richly decorated facade sections are predominantly in the South Indian style and its connection with Ravana`s son Indrajith, from Indian folklore is also a story to be uncovered.

A unique feature of this building is that it has been built entirely of stone and features a hybrid style of architecture, which includes Hindu elements and Tantric Buddhist carvings, thus an extraordinary combination of Hinduism and Buddhism.

Nalanda remians one of the rare examples of mixed Buddhist and Hindu architecture. It was built like the devalas (shrines) of the Pallava tradition. The then relations with India led to the vast improvement of not only local architecture, but other forms of art, such as writing and literature. This influence is obvious in the sculptures of Nalanda. Today only the Gedige and a small stupa, located on a square foundation enclosed by a brick wall exists.

නාලන්දා ගෙඩිගෙය

ශ්‍රී ලංකාවේ මධ්‍ය කේන්ද්‍රය ලෙස බොහෝ දෙනා සලකනුයේ මාතලේ පිහිටි නාලන්දා ගෙඩිගෙය බව පුරාණයේ සිටම පැවත එන විශ්වාසයකි. මාතලේ සිට කිලෝමීටර 35ක් තරම් දුරකින් පිහිටා ඇති නාලන්දාව බෞද්ධ හා හින්දු ආගමික ඇදහිලිවල සංකල්පයන් දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමා මන්දිරයක් ලෙස පෙන්වා දිය හැකිය.

ශ්‍රී ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වන එච්. සී.පී. බෙල් මහතා විසින් කුඹුරු යායක පිහිටා තිබූ මෙම නටඹුන් ගොඩනැගිල්ල පළමු වරට ගවේෂණය කොට වාර්තා කර තිබේ. එහෙත් 1970 මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදි කිරීමට නියමිත වූ බෝවතැන්න ජලාශය නිසාවෙන් එම ජලාශය පුරවන විටදී නාලන්දා ගෙඩිගේ පිහිටි භූමිය ජලයෙන් යටවීමට නියමිතව තිබූ නිසාවෙන් පුරාවිද්‍යාඥයන් විසින් මෙම ගොඩනැගිල්ල ගලවා ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් සකස් කරන ලදී. එහිදී වර්ෂ 1978 දී ප්‍රතිනිර්මාණ කටයුතු ආරම්භ කළ අතර එකල සිටි පුරාවිද්‍යාඥයින්ගේ ප්‍රතිනිර්මාණ ක්‍රියාවලිය යටතේ, එය ගලවා නැවත සවිකළ ගොඩනැගිල්ලක් කියා හඳුනා ගැනීමට නොහැකි වන තරමටම සාර්ථකව එම කටයුතු සිදු කරන ලදී. ශ්‍රී ලංකාව තුළ ගලවා නැවත සවිකළ එකම පුරාවිද්‍යා ගොඩනැගිල්ල මෙම නාලන්දාවයි. ලොව වෙනත් රටවලද මෙසේ ප්‍රතිනිර්මාණ කටයුතු සිදු කොට ඇත. එහිදී ඊජිප්තුවේ මෙසේ ප්‍රතිනිර්මාණය සිදුකොට ඇත්තේ අබුසිම්බල් දේවාලයයි. අස්වාන් වේල්ල ඉදිකිරීම නිසා එම දේවාලය ගලවා නැවත උස් භූමියක සවි කොට ඇත.

ශිලාමය නිර්මාණයක් වන නාලන්දා ගෙඩිගේ සම්පූර්ණයෙන්ම කළු ගල් භාවිතා කරමින් නිර්මාණය කර ඇති අතර, පල්ලව අධිරාජ්‍ය සමයේ දියුණුතම අවධිය ලෙස සැලකෙන නරසිංහවර්මන් (මාමල්ල ශෛලය) රජුගේ කාලයේ ගෘහ නිර්මාණ ශෛලියට අනුව ගෙඩිගේ නිර්මාණය කොට ඇත. දකුණු ඉන්දීය පල්ලව වාස්තු විද්‍යා ලක්ෂණ පෙන්වන ශ්‍රී ලාංකීය එකම ගොඩනැගිල්ලද වන්නේ නාලන්දා ගෙඩිගෙයයි.

මෙම අද්විතීය නිර්මාණය එකල කවුරුන් විසින් නිර්මාණය කලාදැයි  යන්නට පැහැදිලි සාක්ෂි හමු නොවේ. නමුත් මෙම භූමියේ සිදුකරන ලද කැණීම් වලදී ගෙවීගිය ටැම් ලිපියක් හමු වී ඇති අතර එම ටැම්ලිපියේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත් මිනීමරුවන්, සොරුන්, විහාර භූමියට වැද්ද නොගත යුතු බවත් විහාරයේ සියලු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත් සඳහන් කොට ඇත. තවද  එහි ඇති අක්ෂර විකාශනය අනුව එම ලිපිය ක්‍රිස්තු වර්ෂ 9-10 සියවසට අයත් බව නිගමනය කොට ඇති අතර එම කරුණු මුල් කොට ගෙන ඉතිහාසඥයින් විසින් නාලන්දා ගෙඩිගෙය ක්‍රිස්තු වර්ෂ 8-10 අතර කාලයේ නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාසය පළකරයි.

මෙය හින්දු මෙන්ම බෞද්ධ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ ඇතුළත් නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැක්කේ ගොඩනැගිල්ලේ ඉදිරිපස පිවිසුම බෞද්ධ විහාරයක් ලෙස නිර්මාණය කර තිබීම නිසාවෙනි. එහිදී සඳකඩ පහන, කොරවක්ගල හා පියගැට පෙළ ප්‍රවේශවන ස්ථානයෙහි නිර්මාණය කොට ඇත. තවද එහි බුදු ගෙයක ලක්ෂණ විදහාපාන ගොඩනැගිල්ලකි. එහි අනුරාධපුර යුගයේ ලක්ෂණ සහිත අභය මුද්‍රාවෙන් යූත් හිටි පිළිමයක්ද දැකිය හැකිය. තවද නාලන්දා පුරාවිද්‍යා භූමියෙහි ප්‍රවේශ වන ස්ථානයෙහි ඇති කළුගල් උළුවස්ස චාම් සරල කැටයම්වලින් යුක්තය. එමෙන්ම ගෙඩිගෙයට උතුරු දෙසින් හමුවන කුඩා ස්ථූපයකි. එහි පේසා වළලු තුනක්ද දැකගත හැකි අතර එය ගඩොලින් කළ වේදිකාවක් මත නිර්මාණය කර ඇති අයුරුද දැකගත හැකිය. ශ්‍රී ලංකා හෙළ කලාකෙත පෝෂණය කරන්නා වූ මෙම අද්විතීය නාලන්දාවේ ආශ්චර්ය විඳ ගැනීමට නම් එය සියැසින් දැකගත යුතු බව සඳහන් කළ යුතුමය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
error: Content is protected !!